ගුවන් නියමුවාගේ බෑග් එකට විද්ද කත අල්ලයි…

airport web

අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ නියමුවාගේ ගමන් බෑගය සොරාගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළාගිය කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිසිය පැය 03ක් වැනි කාලයක් තුළදී අත්අඩංගුවට ගැනීමට සමත් වුණා

.
ඇය වත්තල – හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්.

ගෘහසේවිකාවක් වන ඇය ඊයේ උදෑසන අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

නිශ්කාශන කටයුතු නිමා කර, ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සුදානම් වනවිට, ගුවන් නියමුවාගේ ගමන් බෑගය නොමැති බව අනාවරණය වී තිබෙනවා.

පසුව ආරක්ෂක නිලධාරීන් ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර තිබුණා.

එහිදී මෙම ගුවන් යානයෙන් පළමුවෙන්ම බැස ගත් කාන්තාවක්, ගුවන් නියමුවාගේ ගමන් බෑගය රැගෙන ඇය සිය බඩුබාහිරාදිය රැගෙන යන ට්‍රොලිය තුළ සගවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා.

වැඩිදුරටත් එම කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේදී, ඇය කඩිනමින් ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක නැගී නිවෙස බලා පිටත්ව යන ආකාරය ද එහි සටහන් වී තිබුණා.

ඒ අනුව, මෙම ත්‍රිරෝද රථය සොයාගෙන එහි රියදුරුගේ තොරතුරු මත වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි එම කාන්තාවගේ නිවෙස වෙත ගොස් ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොයාගත් පොලිසිය පසුව ඇය අත්අඩංගුවට ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *