අනවසරයෙන් මෙරට රැඳී විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට…

police new fb 1

සීදුව – අමන්දොළුව ප්‍රදේශයේ නිවසක සිටි ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව අනවසරයෙන් මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයින් 06 දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීමක් සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18, 23, 26, 39 හා 43 වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයන් බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *