වසරේ හොඳ ම පාපන්දු ක්‍රීඩකයා ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක රොඩ්‍රි…

football web new

වසරේ හොඳ ම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බලෝන් ඩෝර් (Ballon d’Or) සම්මානය මැන්චෙස්ටර් සිටි සහ ස්පාඤ්ඤ කණ්ඩායම්වල මැද පෙළ ක්‍රීඩක රොඩ්‍රි පළමු වරට දිනා ගත්තේ ය.

පසුගිය තරග වාරෙය් ක්‍රීඩා සමාජය සහ රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරගවලින් එක් තරගයකදී පමණක් පරාජය අත්විඳි මෙම 28 හැවිරිදි ක්‍රීඩකයා ජූලි මාසයේදී යූරෝ 2024 තරගාවලියේදී ස්පාඤ්ඤය ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් පසු පැරිසීයේදී මෙම සම්මානය ප්‍රදානය කෙරිණි.

තව ද, ඔහු ප්‍රිමියර් ලීග්, යුරෝපා ලීග් සුපර් කප්, සහ ක්‍රීඩා සමාජ ලෝක කුසලානය ඇතුළු ශූරතා මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙනුවෙන් දිනා ගත්තේ ය.

මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජ ඉතිහාසයේ බලෝන් ඩෝර් සම්මානය දිනා ගත් පළමු ක්‍රීඩකයා වන රොඩ්‍රි, රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ බ්‍රසීල ක්‍රීඩක විනීසියස් දෙවන ස්ථානයට පමුණුවමින් එම සම්මානය දිනා ගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *