ස්පාඤ්ඤයේ නැගෙනහිර ප්‍රදේශයේ Valencia සහ අවට ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් පසු ඇති වූ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසති.
අඟහරුවාදා(29) ඇති වූ දැඩි කුණාටු හේතුවෙන් දකුණු හා නැගෙනහිර ස්පාඤ්ඤයේ ප්‍රදේශ හරහා ගංවතුර ඇති විය. සමාජ මාධ්‍යවල හුවමාරු වූ දර්ශනවල දැක්වෙන්නේ මඩ පැහැති ජලයෙන් වාහන පාරවල් දිගේ ගසාගෙන යන ආකාරයයි.
ස්පාඤ්ඤයේ හදිසි ප්‍රතිචාර ඒකක වලින් සොල්දාදුවන් 1,000 කට වැඩි පිරිසක් විපතට පත් ප්‍රදේශවලට යොදවා ඇති අතර ගලවා ගැනීමේ උත්සාහයන් සම්බන්ධීකරණය කිරීමට මධ්‍යම රජය අර්බුද කමිටුවක් පිහිටුවීය.
Valencia හි හදිසි සේවා මගින් කිසිදු ආකාරයක මාර්ග ගමන් වලින් වළකින ලෙස සහ නිල මූලාශ්‍රවලින් වැඩිදුර යාවත්කාලීන කිරීම් අනුගමනය කරන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
තවද වැලෙන්සියා හි හදිසි සේවා පවසන පරිදි බදාදා(30) වන විටපුද්ගලයින් 92 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කළේය.


