ඉන්ධන මිල පහතට…….

fuel web 2

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබෙනවා.
අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉන්ධන මිල සංශෝධනය වනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහත බැස තිබෙනවා.
එහි නව මිල වන්නේ ලීටරයක් රුපියල් 371ක් ලෙසයි.
සුපර් ඩීසල් මිල ද රුපියල් 06කින් පහත වැටී තිබෙනවා.
මේ අතර සිපෙට්කෝ මිලට සාපේක්ෂව සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහත බැස ඇත්තේ එහි නව මිල රුපියල් 371ක් බවට පත් කරමින්.
සුපර් ඩීසල් මිල ද රුපියල් 06කින් පහත බැස තිබෙනවා.
එහි නව මිල ලෙස දැක්වෙන්නේ ලීටරයක් රුපියල් 313ක් ලෙසයි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ නංවා තිබෙනවා.
එහි නව මිල රුපියල් 283ක්.
රුපියල් 311කට අලෙවි වූ ඔක්ටේන් 92 පෙට්‍රල් හි කිසිදු මිලෙහි වෙනසක් සිදු ව නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *