ශ්‍රී ලංකා සමග ටෙස්ට් තරග දෙකකට සහ එක් එක්දින තරගයකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණිමට නියමිතයි.
ලෝක ටෙස්ට් ශූරතාවට අදාළව ටෙස්ට් තරග දෙක ක්‍රියාත්මකවන අතර, පළමු තරගය ජනවාරි මස 29 වැනිදා ගාල්ලේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
දෙවැනි ටෙස්ට් තරගය ද ගාල්ලේදීම පැවැත්වීමට නියමිත අතර එම තරගය ආරම්භ වන්නේ පෙබරවාරි මස 6 වැනිදායි.
අනතුරුව දෙරට අතර එක් එක්දින තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එම තරගය පෙබරවාරි මස 13 වැනිදා පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙතෙක් නම් කර නැහැ.


