ස්විඩන් ආයතනය විසින් ගෝලීය වශයෙන් ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අඩු හා මධ්‍යම ආදායම් සහිත රටවල දක්ෂ වෘත්තිකයන් වෙත අධ්‍යාපන වියදම්, ජීවන වියදම්, රක්ෂණ සහ ගමන් වියදම් ඇතුළු ප්‍රධාන වියදම් ආවරණය කරමින් ප්‍රධානය කරනු ලබන ප්‍රධාන ශිෂ්‍යත්වයක් වන “ගෝලීය වෘත්තිකයන් සඳහා වන ශිෂ්‍යත්වයට” මින් පෙර ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබුනද 2025 වසරේ එම ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව බැහැර කර ඇත.
ස්වීඩනයේ අධ්‍යාපනය සඳහා යොමුවන විදේශීය ශිෂ්‍යයින් සඳහා ලැබෙන ප්‍රධානම ශිෂ්‍යත්වයක් වන මෙම ශිෂ්‍යත්වය මගින් විවිධ විෂය ක්ෂේත්‍ර 700 ක් පමණ සංඛ්‍යාවක් සඳහා වන පශ්චාත් උපාධි පාඨමාලා සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව හා අධ්‍යාපනය ලබන සම්පූර්ණ කාලය තුළ ස්වීඩනයේ ජීවත් වීම සඳහා ස්විඩිස් ක්‍රෝණ 12000 ක පමණ දීමනාවක් ද මාසිකව හිමි වේ.
බංග්ලාදේශය, බොලිවියාව, බ්‍රසීලය, කාම්බෝජය, කොලොම්බියාව, ඉතියෝපියාව, ඝානාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, කෙන්යාව, මලාවි, මොරොක්කෝව, මියන්මාරය, නේපාලය, නයිජීරියාව, පකිස්ථානය, පේරු, පිලිපීනය, රුවන්ඩාව, දකුණු අප්‍රිකාව, සුඩානය, ටැන්සානියාව, ටියුනීසියාව, උගන්ඩාව, යුක්රේනය, වියට්නාමය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් තවදුරටත් 2025 වසරේ මෙම ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබන රටවල් ලැයිස්තුවට ඇතුළත් වී ඇත.


