අද (04) සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ අතර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.
ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව, සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථාන කිහිපයක මි.මී. 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්. එමෙන්ම උතුරු, නැගෙනහිර, සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු බලපෑම්වලින් ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.


