සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද ඇරඹේ….

exam web

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් අද සිට ලබන 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සියලු‍ම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ට පෞද්ගලිකව ද අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඊට අදාළ උපදෙස් සහ අයදුම්පත විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.
එමෙන්ම, අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *