කෝටි තුනක් බදු නොගෙවූ ජනක උසාවි කැදවයි……

janak web

පරිගණක සේවා සැපයීමේ සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් තුන් කෝටි තිස් හය ලක්ෂයකට (33 697 936.61) අධික බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු හා පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු වූ ජනක රත්නායකට හා ඔහුගේ බිරිඳට දෙසැම්බර් 10 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා ඊයේ (04) නියෝග කළේය.

ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන එච්.එල්.කුමාරි ද සිල්වා වග උත්තරකරුවන් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවරා තිබූ නඩු දෙකක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

කිරුළුපන පෙදෙස කොළඹ 05 ලිපිනයේ ( Rent A company service pvt ltd ) රෙන්ට් අ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරමින් 2016 ,2017 හා 2018 වසර සඳහා රුපියල් 31 846 248.24 ක වැට් බද්දක් ගෙවීම පැහැර හැරීම සහ එම වසර තුන සඳහා රුපියල් 1 851 688.37 ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීමට එරෙහිව මෙම නඩු දෙක පවරා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *