පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතයේදී අතිශයින්ම සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.එච්. ගුණසිංහ මහතා පවසයි.
රථවාහන වේගය පැයට කිලෝමීටර් 60ට සීමා කර, වාහන දෙකක් අතර අවම මීටර් 50ක පරතරයක් පවත්වාගැනීම වැදගත් බව එතුමා අවධාරණය කරන අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අනතුරු අවම කරගැනීම සදහා මෙම උපදෙස් රියදුරන් විසින් අනුගමනය කල යුතු බවද වඩිදුරටත් ප්‍රකාශ කළේය.


