මාරක රිය අනතුරක් – බණ්ඩාරගම පොලිස් වසම….

accident web

2024.11.04 වන දින උදෑසන කාලයේ බණ්ඩාරගම පොලිස් වසමේ බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී බණ්ඩාරගම දෙස සිට පානදුර දෙසට වම් මංතීරුවේ පිළිසකර කටයුත්තක් හේතුවෙන් බණ්ඩාරවෙල දෙස සිට පානදුර දෙසට ධාවනය වූ බස් රථයක් දකුණු මංතීරුවෙන් ධාවනය කර නැවත වම් මංතීරුවට ගැනීමේදී පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කල තරුණියක් බරපතල තුවාල ලබා බණ්ඩාරගම රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහල වෙත මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මරණකාරිය වයස අවුරුදු 23 ක් වූ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර. බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *