මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (8) පස්වරුවේ ආරම්භ වූ අධික වර්ෂාව හේතුවෙන්, මහනුවර-යාපනය (A9) මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටවී තිබේ. අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ වහගල ඔය අධික වර්ෂාව නිසා පිටාර ගැලීමෙන්, අකුරණ නගරයේ ප්‍රධාන මාර්ග සහ හතේ කණුව, කුඩුගල ඇතුළු ප්‍රදේශ ජලයෙන් යටවී තිබිණි.
නගරය ජලයෙන් යටවීම හේතුවෙන්, මහනුවර-යාපනය A9 මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට වැඩි කාලයක් අඩාල වී තිබුණි.


