ලන්තෑරුමක සඟවා මත්ද්‍රව්‍ය විකිණූ නැන්දම්මයි ලේලියි අත්අඩංගුවට…..

drugs web

විදුලි ලත්තෑරුමක් තුළ සඟවා මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන කාන්තාවන් දෙදෙනෙක් කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවෙක් සොයා මහනුවර ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේ දී එම නිවසේ ගෙහිමියාවන සැකකරු නිවසේ නොසිට ඇති අතර, ඔහුගේ බිරිඳ සහ මවගෙන් සැකකරු ගැන කළ විමසීමේදී ඔහු නිවසේ නොමැති බවටයි ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙම අවස්ථාවේ නිවසේ කාන්තාව අත තිබූ විදුලි ලත්තෑරුමක් ගැන සැක සිතූ පොලිසිය එය ගෙන පරීක්ෂා කිරීමේදී එහි විදුලිය ආරෝපණය සඳහාවන වයරය සවි කරන ස්ථානයේ සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11.28ක්(මිලිග්‍රෑම් 11 .280) සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.75ක්( මිලි ග්‍රෑම් 3,750) සොයා ගෙන ඇති බවට වාර්තා වේ.

මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 38 හැවිරිදි එක් දරු මවකවන සැකකරුගේ බිරිඳ සහ ඇයගේ නැන්දණියවන 60 හැවිරිදි කාන්තාව ඒ අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ, සිය සැමියා හෙරොයින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති අතර, එම නිසා විශාල වශයෙන් අගහිඟකම් පවතින බවත්, එය පියවා ගැනීම සඳහා සැමියා සමග එක්ව මෙම ජාවාරම සිදුකළ බවත්ය.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතරක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී ඇති බවටද වාර්තා වේ.

මේ අතර, ප්‍රධාන සැකකරුවන සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරමින් පවතින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *