මෙරට 10 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීම වෙනුවෙන් අනිද්දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට අවසන් විය.
ඒ අනුව, ප්‍රචාරණ කටයුතු අවසන් වීමට පෙර මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂ සිය අවසන් ප්‍රචාරක රැස්වීම් ඊයේ රාත්‍රියේ පවත්වනු ලැබූ අතර මේ වන විට මැතිවරණයේ නිහඬ කාලය ආරම්භ වී ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පෙරවරු7 ට ආරම්භ වීමට නියමිතයි.
එමෙන්ම, මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්දදායකයින්ට, තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර අනිද්දා දක්වා ඒවා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම වෙනුවෙන් එළඹෙන 14 සහ 15 යන දෙදින තුළ මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.


