බිරිඳට අතවර කල පුද්ගලයෙකු සැමියාගේ පහරින් මරුට….

බිරිඳට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකුට සැමියා විසින් අද (12) අළුයම් කාලයේදී උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරයි.

අනුරාධපුර විජය පුර 09 ඇළ මාර්ගය ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන මීගමුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි සිටි අයෙකි. තවද ඔහු මෑතක සිට මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අදාළ කාන්තාවගේ සැමියා අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *