ඉතාලියේ ක්රියාත්මක සමෘද්ධිමත් කංසා වගා කර්මාන්තය මේ වසරේදී සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමිමේ අවදානමක් මතුව ඇති බවට පැවසේ.
ඒ ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි විසින් එරට වාණිජ කංසා වගාව නතර කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පනතක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබීම හේතුවෙනි.
ඉතාලියේ කංසා වගාව සඳහා තහනමක් පැනවීමට නියමිතව ඇත්තේ එරට කංසා වෙළදාම නීති ගතකර වසර 8කට පසුවයි.
මෙමගින් රැකියා දහස් ගණනක් අහිමිව යුරෝ මිලියන ගණනක ආයෝජනද රටට අහිමිවනු ඇති බව කංසා වගාකරුවන් තවදුරටත් ප්රකාශ කරසිටී.


