රේගු නිලධාරීන් අකුරට වැඩ…..

custom web

රේගු කාර්ය පටිපාටිය හරහා පැවරී ඇති කාර්යයන්වල පමණක් අද සිට නිරත වීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තාවේ.

ඒ කොළඹ වරායේ බහාලුම් නිෂ්කාෂණයට ගත වන කාලය අසාමාන්‍ය ලෙස වැඩිවී ඇති බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරන පසුබිමකයි.
මෙසේ චෝදනා එල්ලවීමත් සමඟ පසුගිය දිනෙක අමාත්‍ය විජිත හේරත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර එහිදී ඇතැම් පිරිස් මෙලෙස බහාලුම් නිෂ්කාෂණයට ගත වන කාලය වැඩි බවට අමාත්‍යවරයාට ප්‍රකාශ කළ අතර අමාත්‍යවරයා එහිදී බලධාරීන්ට මෙම කටයුතු විසඳීමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී තිබුණි.

මෙවන් පසුබිමක රේගු කාර්ය පටිපාටිය හරහා පැවරී ඇති කාර්යයන්වල පමණක් නිරත වීමට ඔවුන් තීරණය කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *