නවසීලන්ත – ශ්‍රී.ලංකා පළමු එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව, අද තරගය පස්වරු 2.30ට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
අබාධයට ලක්ව සිටින වනිදු හසරංග මෙම තරගාවලියෙන් ඉවත්කර තිබෙන අතර, ඔහු වෙනුවට දුෂාන් හේමන්තයි සංචිතයට කැඳවා ඇත.
පසුගියදා නවසීලන්තය සමග පැවති දෙවන පන්දුවාර 20 තරගයේ දී වනිදු හසරංග ආබාධයට ලක්වීම ඊට හේතුවී ඇති බව සදහන් වේ.
දෙරට අතර පන්දුවාර 20 තරගාවලිය 1ට 1ක් ලෙස සම තත්වයෙන් අවසන් වූ අතර වනිදු හසරංග තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් විය.


