බාලි වෙත පැමිණෙන සංචාරක ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ…

bali web

ඉන්දුනීසියාවේ බාලිහි ෆ්ලෝරස් දූපතේ පිහිටි ලෙවොටෝබි ලකි-ලකි ගිනි කන්ද පිපිරීම හේතුවෙන් බාලි වෙත පැමිණෙන සංචාරක ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ.

පසුගිය සදුදා සිට සක්‍රිය වූ මෙම ගිනි කන්ද පිපිරීමෙන් දැනට පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් දහස් ගණනක් ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුවී තිබේ. ගිනි කන්දෙන් පිටවන අළු නිසා අවට ගම්මාන සහ නගර බොහෝමයක් වසයට නුසුදුසු තත්වයේ පවතී.

මේ හේතුවෙන් ඕස්ට්රේලියානු ගුවන් සමාගම් කිහිපයක්ම බාලි දූපතට යන එන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන නිවේදන නිකුත් කර තිබේ. ජෙට්ස්ටාර්, ක්වොන්ටාස් සහ වර්ජින් ඕස්ට්රේලියා යන ගුවන් සමාගම් අඟහරුවාදා රාත්‍රියේ සිට ඕස්ට්රේලියාව සහ බාලි අතර ගුවන් ගමන් අත්හිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *