දුම්රිය ගමන් වාර 10ක් අවලංගුයි….

train web

දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, තවත් දුම්රිය ගමන්වාර 22ක් ධාවනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කළේ.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දුම්රිය රියදුරු සහ නියාමකවරුන් බදවා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර අවලංගු වන බවයි.
මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *