අශේන් සේනාරත්නට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් අරම්භ කර තිබෙනවා , ඒ ඔහු විසින්
මැතිවරණ කොමිෂන් සභාව සහ එහි ඇතැම් නිලධාරීන් දූෂිත බවට චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්,
‘බික’ අවන්හල් ජාලයේ හිමිකරු බව කියන අශේන් සේනාරත්නට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සදහා
පෙරේදා (12) ප්‍රකාශයක් ලබා දීම සඳහා අශේන් සේනාරත්නට කැඳවීමක් කළ අතර, ඔහු එදින පැමිණීමට අපොහොසත් වූ බවත්, වෙනත් දිනයකට කාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවත් ආරංචි මාර්ග පවසනවා .
මහ මැතිවරණය සඳහා අශේන් සේනාරත්න විසින් ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් කළ නාම යෝජනාව මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ඔහු එම කොමිසම සහ එහි නිලධාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට භාජනය කරනු ලැබුවා .


