ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි…..

WhatsApp Image 2024 11 15 at 12.32.03

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද (15) දිනට යෙදී ඇත.

මෙම පුන් පොහොයෙහි බෞද්ධ ශාසනික වැදගත්කම් රාශියක් දක්නට ලැබෙන අතර; එහි ප්‍රධානතම සිදුවීම් වන්නේ, ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරදුන් තුන්නෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම යි.
මීට අමතරව ඉල් පුර පසළොස්වක පොහොය ශාසනික වශයෙන් වැදගත්කමක් උසුලන තවත් සිදුවීම් ගණනාවකට පාත්‍ර වේ.
ඒ අතර;
මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම
පසුවස් පවාරණය කළ යුතු වීම
චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය වීම
අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම
ථූපාරාම චෛත්‍යය ඉදිකිරීම යනාදිය දැක්විය හැකිය.

අද දින ලක් වාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සිය ආගමික වතාවත් සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *