කොළඹට විශේෂ දුම්රිය වාර හතක්…..

tain web

මැතිවරණය සහ සති අන්ත නිවාඩුව අවසන් කර රැකියා ස්ථාන වෙත පැමිණෙන ජනතාව සදහා විශේෂ දුම්රිය ගමන් වාර 07ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වා සහ බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කර ඇති බව තවදුරටත් සඳහන් වේ.
ඒ අනුව, අද සහ හෙට සාමාන්‍ය දුම්රිය ධාවනයට අමතරව මෙලෙස විශේෂ දුම්රිය වාර කිහිපයක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *