මුදල් ප්‍රවාහනය ආයතනයේ රියදුරු මුදල් සමඟ පලායයි….

cash web

මිනුවන්ගොඩ නගරයේදී මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන ආයතනයක රියදුරෙකු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු ඊයේ (18) එම රථයේ තිබූ මුදල් සමග ඔහු ගමන් ගත් වෑන් රථයද රැගෙන පළාගොස් ඇති බව වාර්තා වේ.

එහි තිබූ මුදල්වල වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වෙන බවත් ආරක්ෂිත නිලධාරීන් රථයෙන් බැසගොස් ඇති අවස්ථාවක රියැදුරු මුදල් සමග වෑන් රථයෙන් පළා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

කෙසේ වෙතත් අදාළ රියැදුරා ගමන් ගත් වෑන් රථය උග්ගල්බොඩ ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
සිදුවීම පිළිබඳව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර මෙම පුද්ගලයා සම්බන්ධව යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

01. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – ගම්පහ – 0718591608
02. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – ගම්පහ දිස්ත්‍රික් (l) – 0718591610

Leave a Reply

Your email address will not be published. Required fields are marked *