බසයෙන් වැටී කොන්දොස්තර මරුට….

bus web 1 1

ඊයේ (18) අළුයම ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක පාපුවරුවෙන් ඇද වැටුණු පුද්ගලයන් දෙදෙනකු අතුරින් එක්අයකු මියගොස් ඇති බව තලංගම පොලිසිය වාර්තා කර ඇති අතර එසේ මියගොස් ඇත්තේ එම බස් රථයේ කොන්දොස්තරවරයා බව තවදුරටත් වාර්තා වේ.

පානදුර ඩිපෝවට අයත් බස් රථය පානදුර සිට මහනුවර දක්වා කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය කර ඇති අතර කොස්වත්ත මංසන්ධිය ආසන්නයේදී බස් රථයේ පිටුපස පාපූරුවේ සිටි කොන්දොස්තරවරයා සහ මගියෙකු ඉවතට විසි වී මෙම අනතුර සිදුවී ඇති බව සදහන් වේ.
අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනතුරින් බරපතල තුවාල ලද පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර සිටියදී කොන්දොස්තරවරයා මියගිය බව රෝහල ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *