අග්‍රාමාත්‍යවරිය ධූරයේ වැඩ භාර ගනියි….

HARINI WEB 1

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (18) සිය ධුරයේ වැඩ භාරගන්නා ලදී.

එමෙන්ම ඊයේ (18 ) නව රජයේ 21 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමද සිදුවිය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වාර්තාගත මනාප ඡන්ද සංඛ්‍යාවක් සහිතව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු අතර
ඇය ලැබූ මනාප ප්‍රමාණය 655,289 කි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙසද ඇය ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *