ජනාධිපති අනුරගේ 56 වන ඡන්ම දිනය අදයි….

WhatsApp Image 2024 11 24 at 12.13.11

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදී තිබේ.

1968 නොවැම්බර් 24 දින උපත ලැබූ ඔහු මේ වන විට 56 වන වියෙහි පසුවෙයි.

අධ්‍යාපන ගමනේදී, තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් ආරම්භ කළ අනුර කුමාර දිසානායක මහතා, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය හරහා අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා විද්‍යා-ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබා ගත්තේය. 1992 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වී 1995දී විද්‍යා උපාධියත් ලබා ගත්තේය.

1987 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලන ගමන ආරම්භ කළ ඔහු, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් වමේ දේශපාලනයේ පෙරමුණ ගෙන කටයුතු කළේය. 2019 වසරේදී, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්කරමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළේය.

පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස මෙරට ඉතිහාසය සටහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *