වෙළෙඳපොළේ තවදුරටත් පොල් සහ සහල් මිල ඉහළ යමින් පවතින බවට පාරිභෝකයින් චෝදනා කරනු ලබන අතර වෙළෙඳපොළේ පොල් මිල තවදුරටත් ඉහළ අගයක පවති.
ඒ අනුව, ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක මිල රුපියල් 200ක් පමණ වන බවටයි වාර්තා වන අතර ඇතැම් ප්‍රදේශවල පොල් හිගයක්ද පවතියි.
එමෙන්ම වෙළෙඳපොළ තුළ සහල් හිගයක් ද නිර්මාණය වී ඇති අතර, ඇතැම් සුපිරි වෙළෙඳසැල් සහල් ලබාදෙන ප්‍රමාණය ද සීමා කර ඇති බවද වාර්තා වේ.
වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිගයට සහ සහල් මිල පාලනය කිරීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කර ඇති බව සදහන් වේ.
කෙසේ වෙනත් පාරිභෝගිකයින් චෝදනා කළේ වෙළෙඳපොළ තුළ රජයේ පාලන මිල ද ඉක්මවා සහල් අලෙවි කරන බවටයි.
පසුගිය දිනවල බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ආර්ථික මධ්‍යස්ථානවල මෙන්ම සාමාන්‍ය එළවළු අලෙවි කරන ස්ථානවලද මිල ගණන් ඉහළ ගොස් ඇති බව තවදුරටත් වාර්තා වේ.


