19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණදෙන අවසන් තරගය අද….

WhatsApp Image 2024 12 03 at 13.51.27

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන අවසන් තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අද (03) පැවැත්වෙනවා.

ඩුබායිහිදී මෙම තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10යි 30ටයි.

ශ්‍රී ලංකා පිල මේවනවිටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.

මේ අතර අද ඇෆ්ගනිස්ථානය සහ නේපාලය අතර තරගයක්ද පැවැත්වෙනවා.

ඊයේ පැවති තවත් තරග දෙකකින් ජපානය පරදා ලකුණු 211ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදවා ලකුණු 69ක ජයක් ලැබීමට පාකිස්ථාන කණ්ඩායමට හැකි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *