දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට දින 06ක කාලයක් උසස් පෙළ විභාගය කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත් අතර උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ වේ.
ඒ අනුව අද සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා මීට පෙර නිකුත් කළ කාලසටහන අනුව විභාගය පැවැත්වෙනු ඇත.
විභාගය නොපවැත්වු දිනයන් සඳහා දෙසැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා විභාගය පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
මේ අතර තවදුරටත් මාර්ග අවහිරතා ඇති ප්‍රදේශවල දරුවන්ට ළඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් විභාගයට පෙනී සිටීමට හැකියාව පවතින බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.


