ජනාධිපති සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා….

sura web

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (දෙසැ.5) සුරා බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී, සුරා බදු බලපත්‍ර ලබා දීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස අවධාරණය කළේය.

ඔහු එහිදී පවසා සිටියේ, නිලධාරීන් නීතියට පටහැනි ක්‍රියාකාරකම්වල නිරත නොවී, සෑම අවස්ථාවකදීම නීතිය සමරයා ලෙස ක්‍රියාත්මක විය යුතු බවත්, නිසි වේලාවට බදු අය කිරීමට සහ නීතිමය බලපත්‍ර ලබා දීමේදී නිවැරදි ක්‍රමවේදයන් පිහිටුවීමට කටයුතු කරන ලෙසත්ය.

සුරා බදු අය කිරීමට පවතින ගැටලු සහ අක්‍රමිකතා පිළිබඳව මෙම සාකච්ඡාවේදී පුළුල් ලෙස විමසන ලදී. අසාදුගත ආයතනවල බලපත්‍ර තහනම් කිරීම, නව නීති හා ක්‍රමවේද මගින් බදු අය කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

ජනාධිපතිවරයා සඳහන් කළේ, සුරා බදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ජනතාව අතර පිළිගැනීමේ අඩුවක් පවතින බවත්, එය සීඝ්‍රයෙන් සාර්ථක හා විශ්වාසනීය ආයතනයක් බවට පත්කිරීමේ අත්‍යවශ්‍යතාවයත්ය.

ඉන් පසු, නිෂ්පාදන සහ ඇසුරුම් ක්‍රියාවලියෙහි දුර්වලතා සහ කෘත්‍රීම රා නිෂ්පාදනය හේතුවෙන් ජනතාවට සිදුවන හානිය පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, එය නව පියවර මගින් නිරාකරණය කළ යුතු බවට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *