විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ ජනතාවගෙන් වාචික අදහස් ලබා ගැනීම අද (27) ආරම්භ වන බව සදහන් වේ.
ලිඛිත අදහස් ලබා ගැනීම පසුගිය 17 වනදා සිට සිදුවු අතර වාචික අදහස් ලබා ගැනීම ජනවාරි මස 10 වනදා දක්වා සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ.
පළමු සැසිය මධ්‍යම පළාතෙන් ආරම්භ වන අතර සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබා ගැනීම සිදු කරයි.
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අදහස් ලබා දීම සඳහා කොමිෂන් සභාවේ ලියාපදිංචි වීමේ හැකියාව ද පවතින බව වාර්තා වේ.
වාචික සහ ලිඛිත අදහස් ලබා ගැනීමෙන් අනතුරුව අවසන් වාර්තාව ජනවාරි 17වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර ඇත.


