කුරුඳු අපනයනයෙන් වසරකට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට ශ්‍රී ලංකාව කුරුඳු අපනයනයෙන් වසරකට ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් උපයා ගන්නා අතර එය තවදුරටත් වර්ධනය කිරීමට පියවර රැසක් ගෙන ඇති බවයි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජානක ලින්දර මහතා සඳහන් කර ඇති අතර ලබන වසරේ ජනවාරි මාසයේ සිට චීනයට කුරුඳු අපනයනය කිරීමට අවස්ථාව හිමිව ඇති බවද වැඩිදුරටත් පවසා ඇත.
මේ වන විට අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කරන කුරුඳු, නිමි නිෂ්පාදන වශයෙන් අගය එකතු කරමින් අපනයනය වැඩි කිරීමට සුළු හා මාධ්‍ය පරිමාණ කුරුඳු ව්‍යාපාරිකයන්ට ආධාර ලබාදීමට පියවර ගෙන ඇති බවටද වාර්තා වේ.
ගාල්ල , මාතර සහ හම්බන්තොට ප්‍රදේශවල දැනට සම්ප්‍රධායිකව කුරුඳු වගාව සිදු කරන අතර එය අනුරාධපුරය , පුත්තලම සහ මහවැලි කලාපවලද ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇති බවද සදහන් වේ.


