තෙවන පාසල් වාරයේ අවසන් අදියර ආරම්භ වේ……

අද (02) සිට 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර ආරම්භ වේ.

අද දින සිට ජනවාරි මස 24 වන දින දක්වා සියලුම පාසල් පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇති අතර හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 27 වන දින ආරම්භ වීමට නියමිත අතර එය මාර්තු මස 14 වන දින තෙක් පැවැත්වේ.
2025 වසරේ පළමු වාරයේ දෙවැනි පාසල් වාරය අප්‍රේල් 1 වනදා සිට අප්‍රේල් 11 වන දින තෙක් පැවැත්වෙන අතර අවසන් අදියර අප්‍රේල් මස 21 වන දින සිට මැයි මස 9 වන දා දක්වා පැවැත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *