ශ්‍රී ලංකාවට ලකුණු හතකින් තියුණු ජයක්……

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් කුසල් ජනිත් පෙරේරා ශතකයක් වාර්තා කළේය.

ලකුණු 219 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිලට සිය පන්දුවාර 20 අවසානයේ දී ලබා ගැනීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 211 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *