විදේශිකයින්ට අධික මිලට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණූ සැකකරුවෙක් මහනුවරදී අත්අඩංගුවට …..…….

ඊයේ (22) සවස මහනුවර සුදුහුම්පොල ප්‍රදේශයේදී විදේශිකයින්ට අධික මිලකට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීමේ ජාවාරමක යෙදුන සැකකරුවෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු සතුව තිබී ඔඩිසි දුම්රිය සඳහා ඔන්ලයින් ක්‍රමයට ලබා ගන්නා ලද දුම්රිය ටිකට්පත් 21ක්, එම දුම්රිය ටිකට්පත් අලෙවි කිරීමේ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 130,670ක මුදලක්, මීට පෙර දුම්රිය ටිකට්පත් විකිණිමේ තොරතුරු සටහන් කර ගන්නා ලද සටහන් පත් 130 ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *