ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද දිවයිනට.…..……

japan web

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද (27) දිවයිනට ළඟාවීමට නියමිතව ඇත.

හම්බන්තොට වරායට ළඟාවන එම නෞකාවේ වාහන 300 ක් පමණ පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කර ඇත.

එලෙස ජපානයෙන් නව වාහන ආනයනය කරන්නේ, වසර 5කට පසුව වීමද විශේෂත්වයකි.

මේ අතර තායිලන්තයෙන් ආනයනය කළ කැබ් රථ තොගයක් මේ වනවිටත් දිවයිනට ගෙනැවිත් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *