ශ්‍රී ලංකාවේ වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ජපාන් ආයෝජන.…..……

japan fb 1

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Isomata Akio අතර ජනාධිපති කාර්යාලයේ දී පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.

ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කර ගැනීමට ද කටයුතු කර ඇති බව ජපාන තානාපති Isomata Akio මෙහිදී ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *