ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස නම්කෙරේ……………

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම මෙන්ම ඒකාබද්ධ හා කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කර ඇති බවද සදහන් වේ.

මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත 30කට වැඩි සංඛ්‍යාවක් නිල භාෂාව ලෙස ඉංග්‍රීසි නම් කර ඇති බව විදෙස් වාර්තා තවදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *