ලෝක වනජීවී දිනය අදයි……………

එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 වනදා ලෝක වනජීවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත.

මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, අධ්‍යාපනිකම වටිනාකම් අගැයීමට ලක් කරමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.

ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවි ප්‍රජාවගේ වාසස්ථාන සංරක්ෂණය කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමත්, වනජීවී සම්පත මිනිසාගේ පැවැත්ම උදෙසා ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳවත් ලෝක ජනතාව දැනුවත් කිරීම මෙම දිනයෙන් බලාපොරොත්තු වේ.

මිනිසා වනජීවී සංරක්ෂණය කෙරෙහි නැඹුරු කරවීම ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක වනජීවි දිනය ප‍්‍රකාශයට පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වී ඇති බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *