නිල්වලා සහ ගිං ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟා වේ……………

ganwathura web 1

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකය මගින් නිල්වලා සහ ගිං ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින් බව ද සඳහන් වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පවසා ඇත්තේ ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *