දිවයින පුරා වැසි රහිත කාළගුණයක් ඇති වේ……………

මාර්තු 05 වන අද දින දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.

එමෙන්ම ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද නිවේදනයක් නිකුත් කර ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව තවදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *