මාර්තු 05 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.
තවද, අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිත බව සදහන් වේ.
ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6 වන දිනය වන අද දිනයේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.


