සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට.…

samanyapela

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසා ඇත.

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත්, පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කරන බව පවසා ඇත.

තවද, සිසුන්ගේ විභාග ප්‍රවේශපත් හැකි ඉක්මනින් ඔවුන් වෙත ලබා දෙන ලෙසට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී ප්‍රකාශයට පත් කරයි.

ප්‍රවේශ පත් සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම්, ලබන 10 වැනිදාට පෙර මාර්ගගත (Online) පහසුකම යටතේ www.donets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදු කරගත හැකි බවද ඔහු ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *