අදත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පුද්ගලයෙක් අත්අඩංගුවට………

WhatsApp Image 2025 03 05 at 11.17.24

මාර්තු 05 වන අද දින අවුරුදු 34 ක් වන පුද්ගලයෙක්, රුපියල් මිලියන 52ක් පමණ වටිනා 5kg 2gක් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කර ඇති අතර රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය මගින් ඔහුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්වන්නේ තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන් මලු පරික්ෂා කිරීමේ දී එහි ආහාර පැකට්ටු වල සූක්ෂම ලෙස සඟවා රැගෙන විත් ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කර ඇත.

වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය ද සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත මෙම පුද්ගලයා භාර දී තිබෙන බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *