යාල ජාතික වනෝද්‍යානයේ සීමිත මාර්ග සංඛ්‍යාවක් යළි විවෘත වේ…………

WhatsApp Image 2025 03 05 at 12.24.09

පසුගිය 01 වැනිදා සිට වසා දැමීමට කටයුතු කළ යාල ජාතික වනෝද්‍යානයේ සීමිත මාර්ග සංඛ්‍යාවක් මාර්තු 05 වන අද දින පස්වරු 2 සිට නැවත විවෘත කරන බව යාල ජාතික වනෝද්‍යානය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත.

වැසි තත්ත්වය පහව යනතුරු වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් යාල ජාතික උද්‍යානය මෙලෙස වසා දැමීමට සිදු විය.

පසුගියදා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යට වුනු බවත්, උද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩා ගෙන ගිය බවත්, යාල ජාතික වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *