ශ්‍රී ලංකා පොලීසිය රථවාහන අංශවල රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ගෙවීම් වැඩිකිරීමට තීරණය කර ඇති අතර අදාළ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල, 2025.02.01 වන දින සිට බලාත්මක වන පරිදි 25% කින් වැඩිකර ගෙවීම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛනයක් මඟින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
එම නිලධරයන් ඇගයීමට ලක් කිරීම හා අභිප්‍රේරණය කිරීම තුලින් රාජකාරි කටයුතුවල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ බව වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.



