රාජකීය – තෝමස්, නිල් මහා සටන අද ආරම්භ වේ…………

WhatsApp Image 2025 03 06 at 12.13.48 1

“නිල් මහා සටන” වන වාර්ෂික ක්‍රිකට් තරගය, කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 146 වැනි වරට පැවැත්වෙන අතර මාර්තු 06 වන අද දින ආරම්භ වේ.

ඒ අනුව එම ක්‍රිකට් තරගය 06 වන දින සිට ලබන 08 වනදා තෙක් දින තුනක් පුරා කොළඹ SSC පිටියේදී පැවැත්වෙන බවට වාර්තා වේ.

මෙවර රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක රමිරු පෙරේරාට හිමිවී ඇති අතර, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක කවිඳු ඩයස්ට හිමිව තිබේ.

විදුහල් දෙක අතර මේ දක්වා පැවැති තරග 145 න් තරග 36 ක ජය කොළඹ රාජකීය විද්‍යාලය දිනාගෙන ඇති අතර, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය තරග 35 ක ජය හිමි කරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *