මාර්තු 06 වන අද දින ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිවයින පුරා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.
තවද ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් වාර්තා වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද, පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


